Sunday, October 7, 2018

සිහින විමානෙන් ඔබ්බට

                                                              සිහින විමානෙන් ඔබ්බට

මා විටෙක වර්ණ වලින් පිරී යනවා.හරියට දේදුන්නක් වගේ.මුළු අවකාශයම වර්ණ වලින් පිරිලා.ඒක ලස්සන ගැන වූ ගැඹුරැ හැඟීමක් ලෙස මට දැනෙනවා.ඒ වර්ණ මැද මා මධ්‍යගතව සිටිනවා. මම ජීවත් වන බව දැනෙනවා. මේ ලෝකයට මම අමුත්තකු නොවේ. පිටස්තරයෙකුද නොවේ. මේ ලස්සන තුළ අරගලයක් නෑ. ඝට්ටනයක් නෑ. මේ මොහොතේ මගේ සිත ප්‍රමෝදමත්. මේ හැගීම් මා තුළ මෙතෙක් සිදු වූ සිදුවීම් හා සිතුවිලි වල මල් හටගෙන විකසිත වුනා වූ දැනුවත් බාවයක් ලෙස මට හැඟේ.ඒ තුළ
සංතාප නෑ.
සංවේග නෑ.
සිතේ පවතින්නේ ප්‍රමෝදයම පමනයි. සිත ප්‍රමෝදයෙන් පවතින විට සැබෑ පැවැත්ම තීරණය වනවා. මේ මොහොතේ මට දෘශ්‍යමාන සියලු වස්තූන් අලංකාර වර්ණවත් චිත්තරූප මවනවා.හරියට හීන ගොන්නක සුරංගනා ලෝකයක් වගේ. ඒත් ක්ෂණයකින් චිත්ත රෑප අතුරුදහන්ව යනවා.හරියට අසම්භාව්‍ය ක්‍රියාවක් වගේ.

එවිට මා නැවත හුදකලා වෙනවා. මොහොතකින් මෙතුවක් පැවති වාස්තවික ලෝකය දියවී ගොස් ඇති බව දැනෙනවා. මානසික ලෝකයද දියවී ගොසිණි. මට ඉතිරිව ඇත්තේ ශුන්‍ය සිතුවිලි තුල ඇවිදින්නාවූ මා පමණකි.අවකාශයේ ඉබාගාතේ පාවෙන සිතුවිලිය. ඇතුලාන්තය හිස්බවකි. ඒ හිස්බව තුළ නැවත කිසිදෙයක් ඒ තුළ පිළිසිද ගන්නේ නෑ.. මනස හිස්බව තුළ ගමන් කරයි. ඒ අවස්ථාව සරල ය...
නිදහස්ය.
සාමකාමීය.
සංවරය!!!
මේ මට මා මුණ ගැසෙන මොහොතයි.
හීන ලෝකයේ සැරිසැරෑ මා එක්වරම ශූන්‍ය. ආත්මයක මා මාවම සොයයි. මේ මොහොතේ මට වර්ණ සිතින් මවා ගැනීමට නොහැක. කිමද මෙතුවක් වශීකෘත වූ වර්ණ අතර ශූන්‍යයක් දනවන නිසාය. වර්ණ තුළ වූ අනර්ථය දැනේ.. සියලු වර්ණ ඇතුලාන්තයෙන් ඒකීය ලක්ෂයක හමුව විසිරැණු වර්ණයක ශූන්‍යයත්වයක් ගෙන එයි. දැන් සිත තුළ ඒ ශූන්‍ය වර්ණය සිතේ ඇතිකරන්නේ ලොව පවතින අනර්ථයයි. මේ විසල් ලොව තුළ නේක වර්ණයන්ගෙන් ප්‍රමුදිත වුවද අවසානයේ ශූන්‍යත්වය පමනක් ඉතිරි කරයි. මනස ගමන් කරන්නේ බාහිර අනර්ථයන්ගෙන්. අවශේෂ වූ ශූන්‍යත්වයටයි. ඒ තුලද සැබෑ සතුට... ආදරය.. නිවන.. පවතින්නේ යැයි මට දැනේ. නිවන නම් සිතේ පවතින ආදරයම නොවේද..? ඒ නිවීම නම් සංතාප ...සංවේග... තුලින් මතුවුනාවු නිවීමම නොවේද..? ලස්සන..ආදරය..නිවන... මේ මොහොතේ මා සිත නැවත විකසිත කරයි.

හේමාෂී සෙනරත්

Wednesday, September 26, 2018

වසන්තය පැමිණ ඇත


වසන්තය පැමිණ ඇත

මේ නිමේෂය ....
පටලවා අවුලවා ගත් අතීතෙක
නටඹුන් විසුණු වූ මොහොතක
සිරව හතිලමි දැණූ විඩාවට

වසන්තය පැමිණ ඇත
සමනලුන් රඟනු ඇත
රඟති උන් විඳිති උන්
සරඟ මල් පෙතිත් පුබුදුවා


හේමාෂි සෙනරත්

Monday, September 24, 2018

සංසාර වන්දනාව




මේ සංසාර වන්දනාව මහ පුදුම උරුම අරුමකම් කියන්නේ.දොහක් මට මතකයි මයෙ අම්මේ උඹැහේ ආකාසෙට අත් දික්කොරෝන කීවා ‘පරළොව වැඩිය මයෙ හීන් එකා එක්ක ගිය දිහාවට මාත් තුන්පෝයක් ගෙවුණු පසු ඒ දිපංකරේටම එක්ක පලයන් මයෙ හීන් එකෝ….’ කියා.

ඒ කදුළක පැල්ලම් ඉරි ඇදුණු ජනේල් කවුළුව ‘දඩාස්’ ගාමින් සුළගට වැසී ගියේ සත්තයි එයට හූමිටි තියන්නාක් මෙනි.තුන්පෝය ඉක්ම විහාරෙට දන්වේල බාරදී ආපහු එන වංගියේ මහා රුකක් පත බෑවුණා සේ උඹ පොළොවට කඩාපාත් වුණේ හීන් එකා මත්තෙම හැපි හැපී ඇඩූ කදුළු බර වැඩි කමටදෝයි මට සිතිණි.
අනේ මයේ අම්මේ….හින් එකා උඹේ එකම දරුවාද? කියාපන් මට…හීන් එකා ඈත්වුණා තමයි. උඹට ඒ දුක වාව ගන්න අමාරුයි. ඒත් මයෙ අම්මේ  උඹ කුස අල්ලාන ආව තව තුන්දෙනෙක් මාත් එක්කම.අනේ ජීවත් වෙයන් අම්මේ…තව අල්ලාපන් ඔය හුස්ම තව තිදෙනෙක් උඹ අරමිණියේ…උන් උඔ නැතිව සාංකාවේ මැරෙයි.මම  උඹේ එකම කෙල්ල.මං කෝම ඉන්නද උඹ නැතිව.මේ ගින්දර පොළොවට මම බයයි මයෙ අම්මේ…නැගිටපංකෝ මං කෝම ඉන්නද උඹ නැතිව.ගමේ උන් උඹට දොස් තියාවි උඹ හීන් එකා මත්තෙම නැහුණා කියලා.තව අල්ලාපන් ඔය හුස්ම.අනේ නැගිටපාන් මයේ අම්මේ….කතරගම් දෙයි හාමුදුරැවනේ …. නැගිටපන් මයේ අම්මේ…..

හේමාෂි සෙනරත්

Sunday, September 23, 2018

සිත ගාව මනලෝල මායා


 
සිත ගාව මනලෝල මායා

රෑ සිහින පාරා මනසේ රූප ඡායා
රෑ නේක සිහිනේ මැවුනේ නුඹෙ සේයා
පෙම්වන්ත සිහිනේම පේනා
සිත ගාව මනලෝල මායා

භව තිමිර හැර එන්න භවාත්මා...//

සිත නුඹ ගාව දැවටීම- සංතාප මායාව
ආශාව සයුරේහි කලතා තියා
නුඹ උදුරාන මා ලොවම-සිතගාව මිරිඟුවක
රෑ නාරි සේයාව මවලා තියා

භව තිමිර හැර එන්න භවාත්මා.....//

නුඹ ඉදුරාම මා ගාව-සංසාරෙ රැදි සෙනෙහෙ
පෙම් පාරමී සුවය රදවා තබා
යළි ඒ සුවද මා වෙතට-ගෙන එන්න පෙර සේම
පෙම් වෙහෙස මා සිතට හැරදා තියා//



හේමාෂී සෙනරත්

දෙව්ලියයි නුඹ සෙයිලමේ

ඈත බැද්දේ පිපුණු මල නුඹ
මොණර කොළවල සුවද සොයමින්
කොන්ක්‍රීට් තලය මත සුපිපුණේ
ජිවිතයෙ සුරලොව ලබන්නද?
හිස් අහස කුස බලන සද නුඹ
නගර කුණු කාණුවේ අපුල
ගෙන්දගම් පොළෝ තලේ රහ
නුඹට දැණුනිද සොදුරැ සිරියක
රාජ සළුපිලි දැවටු නුඹෙ වත
අණ්ඩ දමනා ජීවිතේ
ඇටසැකිළි සිරියහනෙ සතපන
දෙව්ලියයි නුඹ සෙයිලමේ



හේමාෂි සෙනරත්

Saturday, September 22, 2018

ආදරය අවදියෙන්






ස්වේත වර්ණ කොලයක
වර්ණවත් අකුරු අතර
ඔබේ සෙනෙහස 
සිමින් ඇවිදගිය සඳ
සුසිනිදුව තවරාපු ඔබ ප්‍රේමය
මන්මත් කළ අපූරුව
අකුරු අතරින් දිලිසෙන ඔබ රුව.........!
කතා කරන සැලෙන නෙත් පියන් මත..
ආදරය අවදියෙන් ඔබ ළග...!

හේමාෂි සෙනරත්


කෝම සඟවන්නද
ප්‍රේමය ....!
පිනි පොද ඉහිරුණ
සීතල රෝස පෙත්තක
පුංචි හාදුවකින් උණුහුම්ව ගිය
හිඳුණ ළපටි හිත.
ප්‍රේමයෙන් මුසපත්ව
කෝම සඟවන්නද
ප්‍රේමය ...!
දේදුනු බැමි ළග තිලක තියන විට
උණුසුම සොයමින් හද පොපියන විට
ඇවිත් හනිකව
වසන්තය
ඈ ගෙනයන්නට
කෝම සවන්නද
ප්‍රේමය ....!
යලි හැරී බැලුවොතින්
කිරිල්ලියක සේ
හාදු තියයි ඈ
ඔහු වටකරගෙන
දිගටම දිගටම
කෝම සඟවන්නද
ප්‍රේමය ....!


හේමාෂි සෙනරත්

Friday, September 21, 2018

හීනයත් මගේ ජීවිතය වුනේ.

ජීවිතය සුන්දරයි..එහෙම නේද..?

අද දවසේ මේ ආරම්භයයි.නිහඩව ඇදෙන මේ මොහොතේ මට මෙහෙම කියන්නට සිතුණා.ලෝකයේ කිසිම තැනක හිස්තැනක් නෑ.කිසියම් දෙයකින් ඒ හැමදේම පිරිලා.හරියට මේ උදෑසනේ කියාදුන්න පාඩම වගේ...නිහඩයි මේ මොහොත..ඒත් ඇත්තටම නිහඩද..? නෑ කුරැල්ලන් දසත ඔවුන්ගේ නාදයන්ගෙන් පුරවාලනවා.ඒ....පරිසරයේ හිස්කමක් ඇති නොවීමටයි කියා මට සිතේ.සුළගින්..කුරැළු නාදයෙන් පරිසරය පිරිලා. ..ඉතිං මට හිතෙනවා හිස්කමට අර්ථයක් නෑ කියලා..වතුර වීදුරැවක් ජලයෙන් හිස්වුවත් එය වාතයෙන් පිරිලා..ඉතිං කෝ එතැන හිස්කමක්.අද මෙහෙම කියන්න සිතුණා.මම ආවේ හිස් තැනකට නෙමෙයි.පිරැණු තැනකට..ඉතිං අද අපි ගමන යමු...ඒ ගමන හිස්තැනක් ඇති කරන්නේ නෑ.මොකද හැම වෙලාවෙම මොනමහරි දෙයකින් එය පිරෙන නිසා.සුබ දවසක් ... ආදරණීය දවසක්



හැම දෙයක් පෙනේ

එක දෙයක් වගේ

මම විදිම් සෙනේ

මහමෙරක් වගේ

ඔබ යමින් එමින්
නිල් ගුවන් තලේ
හීනයක් වෙලා 
දැන් සදා හදේ
මා සෙමින් සෙමින් 
රෑ නිසංසලේ
හීනයත් මගේ
ජීවිතය වුනේ.

හේමාෂි සෙනරත්

...

හූව මැද අවසන් ගමන් ගිය

හූව මැද අවසන් ගමන් ගිය නාදුනනවුන් සමග කිසිවක්ම නොදොඩාම ප් ‍ රජනනය පාඩම නොදැන ඈ හිටියෙ හැම රෑක ...