මා විටෙක වර්ණ වලින් පිරී යනවා.හරියට දේදුන්නක් වගේ.මුළු අවකාශයම වර්ණ වලින් පිරිලා.ඒක ලස්සන ගැන වූ ගැඹුරැ හැඟීමක් ලෙස මට දැනෙනවා.ඒ වර්ණ මැද මා මධ්‍යගතව සිටිනවා. මම ජීවත් වන බව දැනෙනවා. මේ ලෝකයට මම අමුත්තකු නොවේ. පිටස්තරයෙකුද නොවේ. මේ ලස්සන තුළ අරගලයක් නෑ. ඝට්ටනයක් නෑ. මේ මොහොතේ මගේ සිත ප්‍රමෝදමත්. මේ හැගීම් මා තුළ මෙතෙක් සිදු වූ සිදුවීම් හා සිතුවිලි වල මල් හටගෙන විකසිත වුනා වූ දැනුවත් බාවයක් ලෙස මට හැඟේ.ඒ තුළ
සංතාප නෑ.
සංවේග නෑ.
සිතේ පවතින්නේ ප්‍රමෝදයම පමනයි. සිත ප්‍රමෝදයෙන් පවතින විට සැබෑ පැවැත්ම තීරණය වනවා. මේ මොහොතේ මට දෘශ්‍යමාන සියලු වස්තූන් අලංකාර වර්ණවත් චිත්තරූප මවනවා.හරියට හීන ගොන්නක සුරංගනා ලෝකයක් වගේ. ඒත් ක්ෂණයකින් චිත්ත රෑප අතුරුදහන්ව යනවා.හරියට අසම්භාව්‍ය ක්‍රියාවක් වගේ.

එවිට මා නැවත හුදකලා වෙනවා. මොහොතකින් මෙතුවක් පැවති වාස්තවික ලෝකය දියවී ගොස් ඇති බව දැනෙනවා. මානසික ලෝකයද දියවී ගොසිණි. මට ඉතිරිව ඇත්තේ ශුන්‍ය සිතුවිලි තුල ඇවිදින්නාවූ මා පමණකි.අවකාශයේ ඉබාගාතේ පාවෙන සිතුවිලිය. ඇතුලාන්තය හිස්බවකි. ඒ හිස්බව තුළ නැවත කිසිදෙයක් ඒ තුළ පිළිසිද ගන්නේ නෑ.. මනස හිස්බව තුළ ගමන් කරයි. ඒ අවස්ථාව සරල ය...
නිදහස්ය.
සාමකාමීය.
සංවරය!!!
මේ මට මා මුණ ගැසෙන මොහොතයි.
හීන ලෝකයේ සැරිසැරෑ මා එක්වරම ශූන්‍ය. ආත්මයක මා මාවම සොයයි. මේ මොහොතේ මට වර්ණ සිතින් මවා ගැනීමට නොහැක. කිමද මෙතුවක් වශීකෘත වූ වර්ණ අතර ශූන්‍යයක් දනවන නිසාය. වර්ණ තුළ වූ අනර්ථය දැනේ.. සියලු වර්ණ ඇතුලාන්තයෙන් ඒකීය ලක්ෂයක හමුව විසිරැණු වර්ණයක ශූන්‍යයත්වයක් ගෙන එයි. දැන් සිත තුළ ඒ ශූන්‍ය වර්ණය සිතේ ඇතිකරන්නේ ලොව පවතින අනර්ථයයි. මේ විසල් ලොව තුළ නේක වර්ණයන්ගෙන් ප්‍රමුදිත වුවද අවසානයේ ශූන්‍යත්වය පමනක් ඉතිරි කරයි. මනස ගමන් කරන්නේ බාහිර අනර්ථයන්ගෙන්. අවශේෂ වූ ශූන්යත්වයටයි. ඒ තුලද සැබෑ සතුට... ආදරය.. නිවන.. පවතින්නේ යැයි මට දැනේ. නිවන නම් සිතේ පවතින ආදරයම නොවේද..? ඒ නිවීම නම් සංතාප ...සංවේග... තුලින් මතුවුනාවු නිවීමම නොවේද..? ලස්සන..ආදරය..නිවන... මේ මොහොතේ මා සිත නැවත විකසිත කරයි.

හේමාෂී සෙනරත්
❤
ReplyDelete😊❤️❤️😍
Delete